07:43 pm - Saturday 18 November 2017

යෝෂිතට එරෙහි පරීක්ෂණ හමුදාව නැවැත්වූයේ රාජපක්ෂලාට බයේද..?

By RSL - Thu Jun 30, 8:57 am

Yoshitha 3හිටපු නාවික හමුදා ලුතිනන් යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවේ නීතීරීතිවලට පිටින් සිදුකළ නීතිවිරෝධී විදේශ සංචාර පිළිබඳව නාවික හමුදාව සිදුකරන ලඝු නඩු විභාගය තාවකාලිකව නතර කර ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක අක්‍රම් අලෙවි මහතා ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකදී පවසා තිබේ.

සේවය අත්හිටුවා සිටින යෝෂිත රාජපක්ෂ නිලධාරියා සම්බන්ධයෙන් අධිකරණයේ පවතින නඩු විභාග අවසන් වන තෙක් මෙම පරීක්ෂණ නවතා දමා තිබෙන බවත් අධිකරණයේ පවතින නඩුව අවසන් වූ පසු ලඝු නඩු විභාගය නැවත ආරම්භ කරන බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා තිබේ.

Loading...

කෙසේ නමුත් එම චෝදනාවම ලත් ලුතිනන් කර්නල් කේ.සී. වෙලගෙදර මහතාට අදළාව එම විභාගය කඩිනමින් පවත්වා ජ්‍යෙෂ්ඨත්වය ස්ථාන හතරකින් පහත දමන ලදී.

2010 වසරේදී හිටපු හමුදාපතිවරයා වූ ජෙනරාල් සරත් ෆොන්සේකාට එරෙහිව අධිකරණයේ නඩු පිට නඩු විභාග වෙද්දී පවා හමුදා අධිකරණයේද නඩු පිට නඩු විභාග වුණි. එහෙත් මෙවැනි ක්‍රියාදාමයන් හමුවේ වත්මන් රජයේ ඇල්මැරුණු ස්වභාවයත් රාජපක්ෂවරුන්ට රාජ්‍ය යාන්ත්‍රණයන් තුළ තවමත් පවතින සැගැවුණු අධිකාරීත්වයත් නිරූපනය වන බව දේශපාලන විචාරකයින්ගේ මතයයි.

Loading...

Leave a Reply