10:29 pm - Monday 11 December 2017

හොර උපාධි කඩය රටටම ලෙඩක් වන ලකුණු!

By RSL - Fri Jul 01, 3:04 pm

degree-for-moneyනෙවිල් ප්‍රනාන්දු නම් ව්‍යාපාරිකයාට අයත් සයිටම් නැමැති හොර වෛද්‍ය උපාධි කඩය හේතුවෙන් ඉදිරියේදී රජයත් ජනතාවත් දැඩි අර්බුදයක පත්විය හැකි ලකුණු මතුවෙමින් තිබේ.

මෙම හොර උපාධි කඩයට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඒකමතික තීරණයකට පැමිණ තිබේ. රුපියල් ලක්ෂ 120කට වෛද්‍ය උපාධිය මිලදී ගතහැකි මෙම උපාධි කඩය හේතුවෙන් මෙරට වෛද්‍ය අධ්‍යාපනයට සිදුවන විශාල පරිහානියත්, මිල කළ නොහැකි මිනිස් ජීවිතවලට සිදුවිය හැකි හානියත් අති විශාලය. එම නිසා මාලබේ පුද්ගලික වෛද්‍ය සිසුන්ට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා දීමට ආණ්‌ඩුව ගන්නා උත්සාහය ඇතුළු කරුණු හයකට විරෝධය දක්‌වමින් දිවයින පුරා රජයේ රෝහල්වල වෛද්‍යවරු සඳුදා (04 දා) සංකේත වර්ජනයක්‌ දියත් කරති.

Loading...

ආණ්‌ඩුවට අනතුරු ඇඟවීමක්‌ ලෙස මෙම වර්ජනය සඳුදා පෙරවරු 8.00 සිට දහවල් 12.00 දක්‌වා පැය හතරක කාලයක්‌ සිදු කරන බවද මාතෘ, ළමා රෝහල්, පිළිකායතන හා වකුගඩු රෝග ඒකකයන්හි වෛද්‍යවරුන් වර්ජනයට එක්‌ කර නොගන්නා බවද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා පැවසීය.

තම ඉල්ලීම්වලට මෙම සංකේත වර්ජනයෙන් විසඳුමක්‌ නොලැබුණොත් අඛණ්‌ඩ වැඩ වර්ජනයක්‌ දක්‌වා වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමු වන බවද වෛද්‍ය නවීන් සොයිසා මහතා කීවේය.

Loading...

Leave a Reply