02:32 am - Monday 25 September 2017

සිරගත වූ නාමල්ට ඔහුගේ මව් ශිරන්තිගෙන් නොමැකෙන අවවාදයක්! (Exclusive)

By RSL - Mon Jul 11, 5:29 pm

shiranthi-and-namalකු.පා.ම. මහින්ද රාජපක්ෂ මහතාගේ කුප්‍රකට පුතු හ.පා.ම. නාමල් රාජපක්ෂ තම පියාගේ රාජපක්ෂ රෙජීම පාලන සමයේ කළැයි කියන මූල්‍ය අපරාධ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අද(11) අත් අඩංගුවට පත් වීමට හැකිවිය. මෙතෙක් කල් නොඉවසිල්ලෙන් වහසි බස් දෙඩමින් සිටි කුප්‍රකට නාමල් රාජපක්ෂ අද(11) අත් අඩංගුවට පත්වෙමින් රක්ෂිත බන්ධනාගාරය වෙත ගමන් කළේ අති විශාල සතුටකින් යුතුවය.

වසර ගණනාවක් තිස්සේ තම පියාගේ රාජ්‍ය බලයට මුවා වී නොයෙක් වංචාවන්, ඡඩ වැඩ කරමින් සෙල්ලක්කාර සල්ලාර ජීවිතයක් ගත කළ කුප්‍රකට රාජපක්ෂ චරිතයකි නාමල් රාජපක්ෂ. ඔහු ජීවිතයේ යම් පාඩමක් සිරගත ජීවිතයෙන් හෝ උගතහැකි වේවැයි යන නොඉවසිල්ලෙන් සහ සතුටින් මාස කිහිපයම ගෙවාදැමීය.

කැමරාවක් අල්ලන සෑම විටම නාමල් ප්‍රකාශ කළේ තමා ඕනෑම මොහොතක බන්ධනාගාර ගත වීමට සූදානමින් පසුවන බවයි. ඒ ඔහු කළ දේවල් FCIDයට වඩා හොඳින් ඔහුම දන්නා නිසාය. නිදහසේ වසර කිහිපයක් නාමල්ට බන්ධනාගාරයේ සිටීමට ඉඩ හැරීම නාමල් තම ජීවිතය ගොඩනගා ගැනීම වෙනුවෙන් පුන පුනා කළ ඉල්ලීම ඉටු කර දීමකි.

Loading...

මහින්ද ද අනෙක් පියවරුන් මෙන් නොව, ඔහුද නිරන්තරයෙන් පැවසුයේ ඊලඟට තම පුතු නාමල් හිරේ යන බවයි. එය ඇත්තය. තමා සමඟ එක්ව ඒ අඩි පාරේ යමින් හොරකම් කළ පුතු ගැන තාත්තා තරම් හොඳින් දන්නා පුද්ගලයෙකු නොමැති නිසාය. එහෙත් තාත්තාට ඇත්තේ පුතාව හෝ අලෙවි කරමින් දිනෙන් දින අභාවයට යන තම දේශපාලන කඳවුර රැක ගැනීමය. එය මැදමූලන මහින්ද (ලොකු මල්ලී) වෙනුවෙන් දිවිහිමියෙන් සිට ඔහු අතින්ම මැරුම් කෑ චණ්ඩි මල්ලී හොඳින් කියා දුන් පාඩමකි.

කෙසේ හෝ දැන්වත් නාමල්ට බාධා නොකරන්න. තාත්තා නිසා ජන්මයෙන් උරුම වූ ඒ සල්ලාල, තක්කඩි, බේබදු ජීවිතයෙන් මිදී යහපත් මනුස්සයෙකු වී එන්න නාමල්ට ඉඩදෙන්න. එය නාමල්ගේ අම්මාගේ පැතුම බව අපි හොඳකාරවම දනිමු. නාමල්ගේ අතීතය ආවර්ජනය සහ පවුල් සංසිද්ධීන් අපි දනිමු. ඔහු මව ශිරන්ති රාජපක්ෂ ඔහු සහ තම පුතුන් වෙනුවෙන් කළ කැපකිරීම් සහ අවශ්‍යතා පිරිමැසීමට කළ කී දෑද අපි දනිමු. නාමල් හොඳ ළමයෙක් වී එනතුරු ඔහුව අලෙවි නොකරමු.

ආශ්‍රිත පුවත්: නාමල් ඇත්තටම ඇප නැතිව ඇතුලට ගියේ ඇයි..?

Loading...

Leave a Reply