07:46 pm - Saturday 18 November 2017

ඇත්තටම අපි හරිම වෙනස් ජාතියක්..

By RSL - Tue Dec 27, 3:23 pm

එය ලොව උසම කෘතීම නත්තල් ගත ලෙස ඉතිහාසයට එක්වේවි.එසේ නොවන්නටත් පුළුවන්. නමුත්, එය ස්ථීරවම ලොවම වැඩිම බාධා කිරීම් ජයගත් නත්තල් ගස බවටත් කවදා හෝ මිනිසුන් කියාවි.

දළ ජාතික ආදායමට වඩා දළ ජාතික සංතෘෂ්ඨියට ඉහළ වටිනාකමක් තියෙන බව තිරසාර සංවර්ධනයේ අලුත් ප්‍රෙව්ශයන්ගෙන් කියවෙනවා.
‘දළ ජාතික කුහකත්වය‘ නැත්තම් ‘දළ ජාතික ඉරිසියාව‘ මනින්න මිනුම් දණ්ඩක් අවශ්‍යයි. අපිට ‘සෙකස්‘ හොයන ජාතික වගේම ‘දළ ජාතික කුහකත්වයෙන්‘ ඉහළින්ම ඉන්නට පුළුවන්.

ලගට යන්න බැරි තරම් සෙනග පිරිච්චි ගාලු මුවදොර පිට්ටනියේ මහින්ද නානායක්කාර කියන ධෛර්යවන්ත මිනිසා සිනාසෙමින් ඉන්නවා. ගිහින් බලන්න. LED බල්බ් ලක්ෂ හයට වැඩිය ‘නානා‘ ගේ ඇස් දිලිසෙනවා. ගිහින් බලන්න.

Loading...

කඩාවැටෙනකල් බලාගෙන ඉන්න අයත් ගිහින් බලන්න. ඊයේ බාගෙට ලයිට් වැඩකරපු වෙලාවේ ආධුනිකයින්ගේ ෆෙටෝ ගහලා හිනාවුණු අයත් බලන්න. යන්න තවමත් අකමැති නම් ටීවී එකෙන් බලන්න. අපේ රටේ නැතත් ලෝක ජනමාධ්‍ය වලින් හරි බලන්න.

ලෝකේ තියෙන තරම් ටීවී චැනල් වල ‘නනා‘ ගේ නත්තල් ගහ පෙන්වනවා. ලංකාවේ බෞද්ධ මිනිස්සු ලෝකයේ උසම නත්තල් ගහ හදලා කියලා.
පාප්තුමාට විතරක් දෙවනි කාදිනල් ගැන කාටවත් මතක නෑ. පෙරේදා බල්බ් ගලවපු කොම්පැනිය ගැන අද කවුරුත් කථා කරන්නේ නෑ. ලංකාවේ පෙරහැර වලට, නුවර පාර දිගේ ලයිට් දාන කොම්පැනිය මේ වැඩෙන් ඉවත් වෙන්නේ විවෘත්යට පැය 24 කට කලින්.

ඉන්දියන් සාගරේ මුහුද නගන ගෝසාවේ විතරයි තියෙන්නේ ‘මේක ලෝකේ වැඩිම බාධාවන් කරපු නත්තල් ගහ කියලා.‘ මේකට ලංකාවේ ගොඩක් අය අපහාස, උපහාර, අවමාන කළා කියලා.

දළ ජාතික කුහකත්වය මනින්න නිර්ණායක හැදුණ දවසක අපි උඩින්ම ඇති. ඇත්තටම අපි හරිම වෙනස් ජාතියක්.

-රංජිත් කීර්ති තෙන්නකෝන්-

Loading...

Leave a Reply