07:45 pm - Saturday 18 November 2017

#1න්ම ගොඩයන්න ඕනිනම් ආණ්ඩුවේ බැංකුවකින් මේ වගේ ණයක් අරගන්න

By RSL - Tue Jul 18, 10:27 am

මම හිතාගෙන හිටියෙ බැංකුවකින් ගෙයක් හදන්න ණයක් ගත්තොත් එක්කො මම හදන ඒ ගේ සහ ඉඩම බැංකුවට ඇපයට තියන්න ඕන,එහෙමත් නැත්නම් ඒ වටිනාකමට සරිලන වෙනත් දේපලක් බැංකුවට ඇප තියන්න ඕන කියල.බලාගෙන ගියාම ආණ්ඩුව මාර ෆ්ලෙක්සිබල් නේ.

කිසිම ඇපයක් නැතිව මට බැංකු ණය දෙනවලු.මම ගේ හදල බැංකු ණය ගෙවාගන්න බැරිවුනොත් ආණ්ඩුවයි බැංකුවයි මමයි ට්‍රයි පාටි ඇග්‍රීමන්ට් එකක් ගහන්න පුළුවන්.මම ණය ගෙවනකම් ආණ්ඩුව මගේ ගෙදර බද්දට ගන්නව.ආණ්ඩුව මට ගෙවන සල්ලි වලින් මම බැංකු ණය ගෙවනව.ගෙදර නඩත්තු කටයුතු, රෙපයාර්,රිනවේෂන්,මේස පුටු ආදී සියලු බඩ කඩුුත්තු වලට යන වියදම් ආණ්ඩුවෙන් දරනව.ගෙදරට අදාල නීතිමය හිමිකම මටම පවරනව.
දැන් තමයි හොඳම හරිය…….

Loading...

මේ සියලු කටයුතු උත්සවාකාරයෙන් කරන්න ආණ්ඩුව සියළු පහසුකම් සලසනව.ලයිව් බ්‍රෝඩ්කාස්ට් ටීවී චැනල් ඔක්කොගෙම දෙනව.ජනාධිපති ඇවිල්ල තමයි උත්සවේ ගන්නෙ.

සිරාම ටික දැන් කියනව…..

මට පුළුවන් ලෝකයාට හඬගා කියන්න මෙච්චරක් වටිනා මගේ නිවස හුදී ජනයාගේ හිතසුව පිණිස උත්සවාකාරයෙන් අහවල් දින ජනතා අයිතියට පත් කරන විත්තිය.

පට්ටම කොටස දැන් තමයි….

ආණ්ඩුව නඩත්තු කරන්නෙ මහජනතාවගේ බදු සල්ලිවලින් නොවන නිසා පහන් සංවේග උපදවාගෙන, බදු සල්ලි වලි ඉගෙනගෙන මේ වගේ ප්‍රගතිශීලී වැඩ වලට විරුද්ධ වෙන දොස්තරලටයි, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ටයි පස්පඩංගුවෙ බැණ වදින්න මම හුරුවෙනව.

– Muditha Liyanagama-
සැ.යු. සයිටම් නෙවිල්ගේ සයිටම් උපාධි කඩේ මගඩිය සම්බන්ධයෙන් උපහාසාත්මක නිර්මාණයකි.

Loading...

Leave a Reply