07:46 pm - Saturday 18 November 2017

ජනපති ජනතාව වෙනුවෙන් ඓතිහාසික වැඩකට අතගසයි (Video)

By RSL - Mon Aug 14, 1:00 pm

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙතෙක් කිසිඳු ජනාධිපතිවරයෙකු ජනතාව වෙනුවෙන් සිදුනොකළ ආකාරයේ අතිදැවැන්ත ඓතිහාසික ව්‍යාපෘතියක් අරඹා ඇත. ඒ යටතේ මහවැලි කලාප තුළ ඉඩම් ඔප්පු ලක්ෂයක් දීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කය සහ කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන මහවැලි එච් කලාපයේ ගොවි ජනතාවට තමන් ජීවත් වන ඉඩමේ අයිතිය හිමිකර දෙනු ලැබුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙනුයි.

එහිදී ශ්‍රේෂ්ඨ ගොවි ජනතාව සතුටු කඳුලු පිරි දෑසින් යුතුව තමන්ට හිමි ඔප්පුව ලබා ගනු ලැබුවෝය. මේ එම අවස්තාවේදී ජනාධිපතිතුමන් සිදු කල ඓතිහාසික කතාවයි.

ස්ථීර ඔප්පුවක් නොමැතිව දරුවෙක්ව පාසලකට දමා ගැනීමටවත් නොහැකිව ඉතා දුක්ශ්කර කාලයක් පසු කල බව මෙහිදී ජනතාව ප්‍රකාශ කර සිටියේය. ජනාධිපතිවරයාගේ අදහසක් අනුව පටන් ගත් මෙම “ඔබේ මහවැලි උරුමය” වැඩසටහන යටතේ මහවැලි ජනපදිකයන්ට ඉඩම් ඔප්පු ලක්ෂයක් බෙදාදීමේ ජාතික වැඩසටහන යටතේ මහවැලි එච් කලාපයේ ගොවි ජනතාවට ඉඩම් ඔප්පු 6200 ක් ප්‍රදානය කිරීම මෙහිදී සිදුවූ අතර එය සංකේතවත් කරමින් සිය දෙනෙකුට ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

එහිදී ශ්‍රේෂ්ඨ ගොවි ජනතාව සතුටු කඳුලු පිරි දෑසින් උය්තුව තමන්ට හිමි ඔප්පුව ලබා ගනු ලැබුවෝය. මේ එම අවස්තාවේදී ජනාදිපතිතුමන් සිදු කල ඓතිහාසික කතාවයි.

“අද අනුරාධපුර දිස්ත්‍රික්කය සහ කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන මහවැලි එච් කලාපයේ ගොවි ජනතාවට තමන් ජීවත් වන ඉඩමේ අයිතිය හිමිකරදෙන අවස්ථාවට ඔබත් සමග එක්වන්නට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. මහවැලි කලාප තුළ ඉඩම් ඔප්පු ලක්ෂයක් දීමේ ජාතික වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක කළේ පසුගිය අවුරුද්දේ. ඒ ඉලක්ක සහගත වැඩසටහන සම්පූර්ණ කරන්න, මේ වසර අවසන් වන විට අපිට පුලුවන්කම ලැබෙනවා. ඒ නිසා මේ සඳහා සහයෝගය ලබාදුන් මහවැලි අධිකාරියේ සියලූ නිලධාරීන්, කාර්ය මණ්ඩල, අනිකුත් ආයතන, මිනින්දෝරු දෙපාර්තමේන්තුව ඇතුලු ඒ සියලූ ආයතනවලට මගේ ගෞරවණීය ස්තූතිය මා පුද කරනවා.

මහවැලි එච් කලාපය ගත් විට තඹුත්තේගම ප්‍රදේශය ඇතුලු අනුරාධපුර දිස්ත්‍රික්කයත්, ඒවගේම කුරුණෑගල දිස්ත්‍රික්කයයේ මීගලෑව කොට්ඨාසයත් මට ආධුනික ප්‍රදේශ නොවෙයි. දීර්ඝ කාලයක සිට මහවැලි ඇමතිවරයා විදියට වරින් වර වැඩ කිරීම නිසා මේ සෑම ගම්මානයකටම මම ගිහින් තියෙනවා. මේ ප්‍රදේශයේ ලෝක බැංකු ව්‍යාපෘතිය යටතේ මහවැලි ජල කළමනාකරණය සහ පුනරුත්ථාපන ව්‍යාපෘතිය ආරම්භ කළේ 1997 වසරේ. ඒ ලෝක බැංකුවෙන් ලබා දුන්න ණය නොවෙයි, ආධාර මත තඹුත්තේගම ප්‍රදේශයේ ඇළ, වැව් අමුණු රාශියක් ප්‍රතිසංස්කරණය කරන්න පුලුවන්කම ලැබුණා. කලා වැව පැරණි ගොවි ජනපද ව්‍යාපාරයත් සමග ඊට සම්බන්ධිතව කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරය යටතේ මහවැලි එච් කලාපය බිහිවුණේ 80 දශකයේ මැද භාගයේ.

මහවැලි සංවර්ධන ව්‍යාපාරය පිළිබඳව කතා කරන විට අපිට අමතක කළ නොහැකි නම් කිහිපයක් තිබෙනවා. මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ පළවෙනි විෂය භාර අමාත්‍යවරයා පොළොන්නරුවේ සී.පී. ද සිල්වා මැතිතුමා. එතුමා 1969 තමයි පොල්ගොල්ලෙන් උතුරට අනුරාධපුර, පෙළොන්නරුව ප්‍රදේශවලට ජලය හරවන්න පොල්ගොල්ල අමුණ ඉදිකිරීම සඳහා මුල්ගල තැබුවේ. 70 ආණ්ඩු වෙනසත් සමග මේ දිස්ත්‍රික්කය නියෝජනය කරන මේ රටේ කීර්තිමත් දේශපාලනඥයෙක් වූ මෛත්‍රීපාල සේනානායක මැතිතුමා පොල්ගොල්ල අමුණෙ කටයුතු ඉදිරියට ගෙන ගියා. එතුමා විෂය භාර අමාත්‍යවරයා විදියට, එතුමාගේ කාලයේ එතුමා කළ විශිෂ්ටම දේ තමයි පොල්ගොල්ල අමුණ වැඩ අවසන් කරලා අනුරාධපුර, පොළොන්නරු ප්‍රදේශයට ජලය හැරවීමේ කටයුතු ඉටු කිරීම වගේම ඊටත් වඩා ජාතික වැදගත්කමක් තමයි එතුමා තමයි පළවෙනි වරට මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ කෘෂිකර්මාන්තය සඳහා සියයට 99 ක බලපෑම තිබෙන මොරගහකන්ද කලු ගඟ ව්‍යාපෘතියේ පළවෙනි ශක්‍යතා අධ්‍යයනය කරනු ලැබුවේ. ඒ ශක්‍යතා අධ්‍යයනය මොරගහකන්ද කලු ගඟ වගේම මහවැලි පංච මහා ජලාශ ඉදිකිරීම පිළිබඳව කරන ලද ශක්‍යතා අධ්‍යයනයක්. එදා එය කළේ බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුව කාලේ, සෝවියට් ඉංජිනේරුවරු. ඒ ශක්‍යතා අධ්‍යයනය කළා වගේම 1976 ජනවාරි මාසේ 08 වෙනිදා පොල්ගොල්ලෙන් වේල්ලේ වැඩ අවසන් කරලා බණ්ඩාරනායක මැතිණිය මේ අනුරාධපුරය, පොළොන්නරුවට ජලය හැරවීම එදා විවෘත කරනු ලැබුවා. 77 මේ රටේ සිදුවූ ආණ්ඩු වෙනසත් සමග ගාමිණී දිසානායක ඇමතිතුමා මහවැලි ව්‍යාපාරයේ නායකත්වයට පත් වුණේ ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිතුමාගේ ආණ්ඩුව විවෘත ආර්ථිකය හඳුන්වාදීමත් සමග කර්මාන්ත සංවර්ධනයට අවශ්‍ය විදුලිබල උත්පාදනය සඳහා ප්‍රමුඛත්වය දුන්නා. කොත්මලේ, වික්ටෝරියා, රන්දෙණිගල, මාදුරුඔය ඒ ප්‍රධාන ව්‍යාපෘති ආරම්භ කිරීමට ප්‍රමුඛත්වය දුන්නේ රටට අවශ්‍ය විදුලිබල උත්පාදනය සඳහායි. එහි දෙවෙනි අරමුණ තමයි කෘෂිකාර්මික සංවර්ධනයේ දියුණුව. ඒවගේම ඒ වැඩපිළිවෙළ තුළ මොරගහකතන්ද කලු ගඟ ව්‍යාපාරයේ කටයුතු ඉටු කිරීම ප්‍රමුඛත්වය ලබා නොදුන්නේ එදා විදුලිබල උත්පාදන ව්‍යාපෘතියට මූලිකත්වය දිය යුතු නිසයි. මොරගහකන්ද කලු ගඟ ව්‍යාපෘතියෙන් විදුලිය ලැබෙන්නේ මෙගා වොට් 30 ක් 32 ක් වගේ ප්‍රමාණයක්. සියයට 99 ක්ම මොරගහකන්ද කලු ගඟ කෘෂි කර්මාන්ත සංවර්ධනය. අනුරාධපුරෙත්, පොළොන්නරුවෙත් ත්‍රිකුණාමලය ඒවගේම උතුර, වයඹ, කුරුණෑගල, පුත්තලම ජනතාව ගෙවී ගිය දශක කිහිපය තුළම ජලය ඉල්ලා කළ උද්ඝෝෂණ, විරෝධතා, ඉල්ලීම් මේ රජරට වගේම මේ අවට ප්‍රදේශවල ගොවීන්ගේ දුක් කඳුල්ට් කතාව පිළිබඳව ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ නිසා මීට අවුරුදු 50 කට විතර කලින් එදා ගොවීන් මොරගහකන්ද ඉදි කරන්නයි කියලා ඉල්ලීම් කළා. සෑම මැතිවරණයකම වේදිකාවේ කතා කළා. විවිධ ක්ෂේත්‍රවල මේ පිළිබඳව සාකච්ඡා, සංවාද තිබුණා.

1994 ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය පොළොන්නරුවේ ජනාධිපතිවරණ රැස්වීමට ආපු වෙලාවේ මගෙන් ඇහුවා ආණ්ඩුවක් ආපුවහම පොළොන්නරුවට කරන පළවෙනි සංවර්ධන ව්‍යාපෘතිය මොකද්ද කියලා. මම එතුමියට කිව්වා කළ යුතු පළවෙනි දේ පොළොන්නරුවට විතරක් නෙවෙයි රජරට සහ වයඹට ඉන් එහා නැගෙනහිරටත් බලපාන මොරගහකන්ද කලු ගඟ ව්‍යාපෘතිය කිරීමයි කියලා. එතුමිය වේදිකාවේ කිව්වා අපි බලයට පත් වුණු ගමන් මේ ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කරනවයි කියලා. නමුත් එතුමියගේ කාලසීමාව තුළත් එය සිදුවුණේ නැහැ. 2005 මහින්ද රාජපක්‍ෂ මහත්මයා බලයට පත් වුණාට පසුව එදා අපි එතුමාට කිව්වා මොරගහකන්ද කලු ගඟ ව්‍යාපෘතියේ වැදගත්කම. මේ රජරට ප්‍රදේශයේ මැති ඇමතිවරු. මම එදා එතන මූලිකත්වය ගත්ත කෙනෙක්. 2007 ජනවාරි මාසේ 25 වෙනිදා අපි මොරගහකන්ද ජලාශයේ වැඩ ආරම්භ කරන්න මුල්ගල තිබ්බා. ජනවාරි මාසේ 25 වෙනිදා මුල්ගල තියලා 2007 ඊට පැය 48 කට පස්සේ මාව ඇමතිකමෙන් අයින් කෙරුවා. ව්‍යාපෘතියේ කටයුතු නැවතුණා. අවුරුදු 05 ක් යනකන් සල්ලි නැහැ. ඒ තුළ මම සඳහන් කරන්නට ඕනෑ මේ මොරගහකන්ද ජලාශයේ ජලය නිකුත් කිරීමට තිබුණේ 2007 වැඩ ආරම්භ කළා නම් 2012. නමුත් 2007 ඉඳලා අවුරුදු 10 ක් ගිහින් 05 න් කරන්න තිබුණු එක 10 කට පස්සේ තමයි ජලය නිකුත් කරන්න පු`ථවන්කම ලැබුණේ. මම විෂයභාර අමාත්‍යවරයා නොවූවත් එදා අපේම ආණ්ඩුවේ නායකයින්ට මම කිව්වා මෙහි තිබෙන වැදගත්කම. මේ ප්‍රශ්නය විසඳන්න සල්ලි හොයලා දෙන්න. මේ ව්‍යාපෘතියේ කටයුතු අපි කරන්න ඕනෑ. බව. ඉතාම අමාරුවෙන් තමයි 2012 මුදල් හම්බ වුණේ. නමුත් අපි ඒ විදියට ආණ්ඩුව ඇතුළෙත් මේ ගැන සටන් කරලා ඒ තිබුණු තත්ත්වයත් එක්ක ඉතාම මන්දගාමීව තමයි වැඩ කෙරුණේ.
2015 මේ රටේ ජනතාව මාව ජනාධිපති ධුරයට පත් කර ගැනීමෙන් පසුව මම අත තියපු ප්‍රධාන ව්‍යාපෘතිය තමයි තමුන්නාන්සේලා වෙනුවෙන් රජරට සහ වයඹ ජනතාව වෙනුවෙන් මොරගහ කන්ද කලු ගඟ වැඩ කාර්යක්ෂම කිරීම සහ වැඩ අවසන් කිරීම. ඒ තුළ අපිට පුලුවන්කම ලැබුණා අවුරුදු 02 කට පස්සේ මොරගහක්නද වේල්ලේ වැඩ අවසන් කරන්න. ඔබ දන්නවා කලු ගඟ වැඩ කෙරී ගෙන යනවා. කිලෝමීටර් හතහමාරක උමගක් තිබෙනවා. ඒ කටයුතු ළගදීම පටන් ගන්නවා. ඒවගේම තමයි මොරගහකන්ද කලු ගඟ ව්‍යාපාරය යටතේ අනුරාධපුරය, පොළොන්නරුව, කුරුණෑගල ප‍්‍රදේශවල මේ ව්‍යාපෘතියට අදාළව තිබෙන කුඩා වැව් 600 ක් ප්‍රතිසංස්කරණය වෙනවා. මේ 600 න් ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ වැව් 300 ක් ප්‍රතිසංස්කරණය වෙනවා. මූලික වශයෙන්ම ඒ වැව් 300 ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අපිට අවශ්‍ය මුදල් ලැබිලා තිබෙනවා. දැන් ටෙන්ඩර් කටයුතු කෙරී ගෙන යනවා. ඒ අනුරාධපුර දිස්ත්‍රික්කයේ.

ඒවගේම මේ ව්‍යාපෘතියට සම්බන්ධව ලෝකයේ සියලූ රාජ්‍ය නායකයින් පැමිණි 2016 පැරිස් වල තිබුණු එක්සත් ජාතීන්ගේ කාලගුණික සහ දේශගුණික විපර්යාස අරමුදලින් මම ඉල්ලීමක් කළා මේ ව්‍යපෘතියේ කටයුතු සඳහා අපිට මුදල් දෙන්න කියලා. ඒ අරමුදලින් අපිට මුදල් ලැබිලා කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැව් 300 ක් ප්‍රතිසංස්කරණය වෙනවා. වයඹ සහ රජරට වැව් 600 ක් පෙර රජ දවසින් පස්සේ ප්‍රතිසංස්කරණය වෙන්නේ මොරගහකන්ද ව්‍යාපාරය යටතේ තමුන්නාන්සේලා වෙනුවෙන් අපේ මේ වර්තමාන රජයෙන් කියන එක මම පැහැදිලිව කියන්නට ඕනෑ.

හැරිසන් ඇමතිතුමා කිව්වා වගේ විවේචන තියෙනවා. චෝදනා තිබෙනවා. ඒ විවේචන, චෝදනා කොතෙක් තිබුණත් මීට පෙර කිසිම රජයක් නොකරපු වැඩ කොටසක් මේ ව්‍යාපෘතිවල කටයුතු කෙරී ගෙන යන විට මේ ගොවි ජනතාව වෙනුවෙන් ඉටුකරන්න මට පුලුවන්කම තිබෙනවා. ඒ අනුව අනුරාධපුර, පොළොන්නරුව, කුරුණෑගල, ත‍්‍රිකුණාමලය ඒවගේම අනික් පැත්තෙන් උතුරේ කොටසකට 50 ක් 60 ක් තිබුණු බලාපොරොත්තු අනිවාර්යයෙන්ම ඉෂ්ට වෙනවා. ඒ තමයි ස්ථිර විසඳුම.

මේ දිස්ත්‍රික්ක දෙක විතරක් නොවෙයි. මේ රටේ තුනෙන් දෙකක ප්‍රදේශයක අද දැඩි නියගයක් තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ පූර්ණ මැදිහත් වීමෙන් යුද හමුදාවත් එක්ක වැව් 25 ක් ප්‍රතිසංස්කරණය කරලා විවෘත කරන්න මම දැන් සති දෙකකට කලින්ත්‍රීකුණාමලයේ ගියා. අපි වැව් 25 ක වැඩ අවසන් කළා. තවත් ඒ වැඩ කර ගෙන යෙනවා. ඒ වගේම මම දැන් සති දෙකකට කළින් අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ හොරොව්පතාන, කහටගස්දිගිලිය, මැදවච්චිය ගම්මානවලට ගියා. ඒ ප්‍රදේශවල ජනතාව හමු වුණා. ඒ තිබෙන තත්ත්වයන් දැන ගත්තා. පානීය ජලයේ තිබෙන ප්‍රශ්න. දෛනික ජීවිතයට අවශ්‍ය ජලය පිළිබඳව ප්‍රශ්නය. ඒවගේම ආහාර හිඟය. ආර්ථික වශයෙන් ඇති වෙලා තිබෙන කඩාවැටීම. ඒ නිසා තමයි මම එදා හොරොව්පතාන ප්‍රදේශයේ ඉඳලාම දුරකතනයෙන් කතා කරලා කොළඹ නිලධාරීන්ට කිව්වේ වහාම වියළි ආහාර සලාකය පටන් ගන්න කියලා. නියඟය පවතින ප්‍රදේශවල ලංකාවේ පවුල් ලක්ෂ පහක් සදහා දෙන්න කියා. අපි ලබන සතියේ පවුල් ලක්ෂ පහකට වියළි ආහාර සලාකය නිකුත් කරනවා. ලංකාවේ දිස්ත්‍රික්ක 11 ක් අයත් වෙනවා. ස්වභාවධර්මයාගේ ප්‍රශ්නය තමුන්නාන්සේලාට අපිට අද ඊයේ ආ ප්‍රශ්නයක් නොවේ. රජරට වයඹ ජීවත්වන ජනතාව විදියට තමුන්නාන්සේලාගේ අපේ ජීවිත කාලය තුළ අපි දන්නවා අපි නියඟ කීයකට මුහුණ දී තිබෙනවා ද කියා.

Loading...

අනුරාධපුර, පොළොන්නරු, ත්‍රීකුණාමලය, කුරුණෑගල ගොවි ජනතාව ජලය පිළිබදව සැමවිටම දුක් ගැනවිලි ඉදිරිපත් කරන්නේ තමන්ගේ ආර්ථිකයට බලපාන මේ ජල ප්‍රරශ්නය සමග ඇතිවන අසීරුතා නිසායි. අපි බලාපොරොත්තු වෙනවා, ලබන සැප්තැම්බර්, ඔක්තෝබර් වෙනකොට අපිට වර්ෂාව ලැබේ කියා. ඒ තුළ මොරගහකන්ද ජලාශයත් පිරෙනවා. අපිට හැකියාව ලැබේවි මේ තියෙන නියන් තත්ත්වය මගහැරලා තමුන්නාන්සේලාගේ ආර්ථික සංවර්ධනය සදහා නව කෘෂිකාර්මික වැඩසටහන ආරම්භ කරන්න. අපි වර්තමාන රජය විදියට කෘෂිකර්මාන්ත අමාත්‍යාංශය ඒ වගේම හැරිසන් ඇමතිතුමාගේ අමාත්‍යාංශය, ජනාධිපති ලේකම් කාර්යාලය මීට අදාළ තවත් අමාත්‍යාංශ තිබෙනවා. අපි ජාතික සංවර්ධන සැලැස්මක් සකස් කරලා රටේ ආහාර නිෂ්පාදනය වර්ධනය කරන්න, ගොවි ජීවිතය නගාසිටුවන්න පුලුල් සැලසුම් රාශියක් සකස් කරලා එම වැඩසටහන 2016 සිට ක්‍රියාත්මක කරන්න තිබුණු වේලාවකයි මේ නියන් තත්ත්වය රටේ ඇති වුණේ.

මේ නියං තත්ත්වය අපේ රටට පමණක් නොවේ. මේ කලාපයේ සියලූ රටවල්වලට මේ තත්ත්වය තිබෙනවා. දකුණු ඉන්දියාවේ කෝටි ගණනක් බොන්න ජලය නැතිව අපිට වඩා පීඩාකාරී තත්ත්වයකට පත්වී තිබෙනවා. සෑම රටකම එක් පැත්තක නියඟය තවත් පැත්තක ගංවතුර. මීට සති කීපයකට පෙර මම බංග්ලාදේශයට ගියා. ගංවතුර නිසා බංග්ලාදේශයේ සියලූ වගාවන් විනාශ වෙලා. මම බංග්ලාදේශයට ගොස් පහුවදා පුවත්පත් බලන විට මුල් පිටුවේම තියෙනවා බංග්ලාදේශ රජයේ නිලධාරීන් හාල් තිබෙන රටවල්වලට යවලා තායිලන්තයට, බුරුමයට, ඉන්දියාවට හාල් අරගෙන එන්න කියලා. ඉන්දියාවේ සහල් මිල වැඩි වුණා නියඟය නිසා. පකිස්ථානයේ සහල් පිළිබද ප්‍රශ්නයක් මතුවුණා ගංවතුර නිසා. මෙයයි විදේශ වෙළෙඳපොළ තත්ත්වය.

නමුත් මිනිසුන්ගේ ආරම්භයේ සිට මිනිස් පරිණාමයේ අදියරේ සිට මිනිස්සු සටන් කළේ ස්වභාවධර්මය සමගයි. පසුකාලීනව වෙන වෙන සටන් ආරම්භ කළා. මිනිස්සු දියුණු වෙන්න දියුණු වෙන්න දේශපාලන පක්ෂ විදියට නොයෙක් සටන්, උද්ඝෝෂණ, විරෝධතා ආරම්භ කළා. මිනිසාගේ ආරම්භයේ සිටම ස්වභාවධර්මයාගේ අභියෝගවලට මුහුණ දුන්නා. එතැන් සිට මිනිසුන් ආහාර සොයාගන්න, සෞඛ්‍ය පහසුකම්වලට, නිවාස හදාගන්න, ගමන් බිමන් යන්න තමන්ගේ දෛනික ජීවිතයට අවශ්‍ය දේ සොයා ගැනීමට මිනිස්සු විදියට දියුණු වෙන්න අද ලෝකය නිර්මාණයවී තිබෙන්නේ මිනිසා පළමුව ස්වභාවධර්මයාට විරුද්ධව සටන් කරලා ලෝකය ජයගත් නිසායි මානව සමාජය තුළ. නියඟ ගංවතුර, අව්ව වැස්ස, සුළි සුළං මේවා අපේ රටට වගේම ලෝකයේ සෑම මිනිසෙක්ම අත්විදින්නේ අද ඊයේ නොවේ. අපේ රටේ ඒ අත්දැකීම් සමග අතීතයේ අප ලබා ඇති දැනුම සහ අවබෝධය සමග මේ තිබෙන තත්ත්වයන්ට අපි මුහුණදී තමුන්නාන්සේලා අපි රටක් විදියට ගොඩනැගිය යුතුයි ඉදිරියට යා යුතුයි.

ආණ්ඩුවේ ප්‍රරමුඛතාවය තිබෙන්නේ ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමටයි. ඒ සදහා අපි සැලසුම් රාශියක් හදලා තිබෙනවා. අපි රසායනික පොහොර ඉවත් කොට තමුන්නාන්සේලාගේ අතට මුදල් එවන විට කාබනික පොහොර ගන්න කැමතිනම් රසායනික පොහොර ගන්න කියා එම වැඩපිළිවෙලෙහි අද සාර්ථකත්වයක් තිබෙනවා. මම පෙරේදා මුල්ගල තබා ආරම්භ කළා, කොළඹ කැළි කසළ ඉවත් කරලා එයින් විදුලිය නිෂ්පාදනය කරන චම්පික රණවක ඇමතිතුමාගේ අලූත් ව්‍යාපෘතිය. චම්පික රණවක ඇමතිතුමා මට ඒ වෙලාවේ කිව්වේ, කාබනික පොහොර ගොවීන්ට නිකුත් කිරීම පිළිබදව ඉක්මණින් වැඩපිළිවළක් හදමු. ඒ අනුව අපිට හැකියාව ලැබේවී විශාල ලෙස නිෂ්පාදන වන ප්‍රමාණය ගොවි ජනතාවට නිකුත් කරන්න කියා.

මේ රටේ කැළි කසළ ප‍්‍රශ්නය කිසිම ආණ්ඩුවක් විස`දලා තිබුණු ප්‍රශ්නයක් නොවේ. අපි මේ ප‍්‍රශ්නයට බැනුම් ඇහුවට, අපිට විවේචනය කළාට සෑම ආණ්ඩුවකින්ම කළේ නගරයේ, ගමේ තිබෙන කුණු එකතු කරලා කුණු කන්දක් හදන එක. කොළඹ සිට රටේ හැම තැනම කුණු කදු දෙසීය ගානක් තිබෙනවා. එයයි සත්‍යය. තිබෙන තාක්ෂණික දැනුම සමග කැළි කසළ කළමනාකරණය සම්බන්ධයෙන් කැළි කසළ වලින් කාබනික පොහොර නිෂ්පාදනයට, විදුලිබල උත්පාදනය කිසිම ආණ්ඩුවක් අත තිබ්බේ නැහැ. අන්තිමට කුණුගොඩ කඩාගෙන වැටුණා අපේ ඇඟට. අවුරුදු විසි තිස් ගණනක් ගොඩගැහුණු කුණු ගොඩවල්. අපි එයට ස්ථිර විසදුමක් දුන්නා. මීට පසු බලයට එන කිසිම ආණ්ඩුවකට මේ රටේ කැළි කසළ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ලබන අවුරුද්ද වෙනකොට මුලු රටේම ඒ සදහා ස්ථිර විසඳුම් අපි දී අවසන් කිසිම තැනක එවැනි ප්‍රශ්නයක් ඇති නොවන විදියට. මම පෙරේදා යෝජනා කළා චම්පික රණවක ඇමතිතුමාට අපි පළවන වටයේදී කාබනික පොහොර ගොවීන්ට නොමිලේ ලබාදීමට. මොකද ඇතැම් ගොවි මහතුන් කාබනික පොහොරවලට ආකර්ෂණය කරගැනීමට දුෂ්කර නිසා. ඒ පොහොර භාවිතා කළාම තමුන්නාන්සේලටම පැහැදිලි වේවි එහි ප්‍රතිඵලයක් තබෙනවා ද නැද්ද කියා. ඒ විදියටයි අපි රටක් ලෙස ගොඩනැගිය යුත්තේ. අපි ඉන්න තැනින් වෙනස් වෙලා නව තාක්ෂණය සමග කෘෂිකාර්මික විද්‍යාත්මක ක්‍රම සමග අස්වැන්න වැඩි වෙන්න, නිෂ්පාදනය වැඩි වෙන්න මේ විදියේ අලූත් සැලසුම්වලට යන්න ඕන.

නව පරපුර කෘෂිකර්මාන්තයට ආකර්ෂණයක් නොමැති බව, ඒ සදහා වැඩි ළැදියාවක් නොමැතිබව ඔබ දන්නවා. අපේ අලූත් උගත් පරපුර කෘෂිකර්මාන්තයට ආකර්ෂණය කරගැනීමට වෙළෙදපොළ හදුනා ගැනීම ඒ ස`දහා අවශ්‍ය දැනුම ලබාදීම, පුහුණුව ලබා දීම තුළ අපි බලාපොරොත්තු වෙනවා නව විශේෂ වැඩපිළිවළක් හදන්න. එදා වගේ නොව අද ගොවි මහත්වරුන් කුඹුරට බහින්නේ නැහැ. සියලූ දේ යන්ත්‍ර සූත්‍ර වලින් කරනවා. ඊළඟ ප්‍රශ්නය වන්නේ වෙළෙදපළයි. තරුණ පරපුරට මේ සදහා අවශ්‍ය පුහුණුව ලබාදීලා වෙළෙදපළ හදුනාගෙන කටයුතු කිරීමේ පසුබිම අපි ගොඩනගන්නට ඕන. ඒ සදහායි අපි බලාපොරොත්තු වෙන්නේ අවශ්‍ය පුහුණුවීම් සම මගපෙන්වීම් කරන්න. අද තිබෙන ස්මාර්ට් ෆෝන් එකත් අතට අරගෙන ගොවිතැන් කරන තරුණ උගත් ගොවියෙකුට පුංචි වාහනයක් අරගෙන ගොවිපලේ සිටම තමන්ගේ කුඹුරේ සිටම කතා කරන්න පුලුවන් නගරයේ වෙළෙදපළේ මිල ගණන් කෙසේද කියා. කතා කරන්න පුලුවන් කොළඹ වෙළෙදපොළ මිල කොහොමද කියලා. තමන්ගේ ගොවිබිමේම සිට අන්තර්ජාලය හරහා අවට රටවල්වල ප්‍රධාන නගරවල වෙළෙ`දපොළේ මිල ගණන් දැනගැනීමට හැකියාව තිබෙනවා. නිෂ්පාදනය, වෙළෙදපොළ, මිල, බෙදාහැරීම, නව තාක්ෂණික ක්‍රම, ගබඩා කිරීම් මේ සියල්ල සදහා අපි ආරම්භ කළ නව වැඩපිළිවෙළේ යම් පසුබෑමක් ඇති වුණේ නියං තත්ත්වය නිසායි.

නමුත් අපි විශ්වාස කරනවා නව වැඩපිළිවෙළ හදුන්වා දී ඉදිරියේ ඇති වන වර්ෂාව සමග අලූත් උගත් තරුණ දරුවන්ට මේ පිළිබද අවශ්‍ය සම්පත් ලබාදී, ණය මුදල්, ආධාර දී ස්වයංරැකියා කිරීමට අවශ්‍ය සම්පත් ලබාදී නව වැඩපිළිවෙළ අපි ආරම්භ කරනවා. මේ සියලූ කාර්යයන් තුළ බලාපොරොත්තු වෙන්නේ තමුන්නාන්සේලාට ආර්ථික වශයෙන් පදනමක් ඇතිකර ගැනීමයි. අද ලැබෙන ඔප්පුව පිළිබදව තමුන්නාන්සේලා සමග කතා කරන විට මේ පිළිබදව බොහෝ දුක් සහිත කතා කියන බව මම දන්නවා. මහවැලි ඇමතිවරයා විදියට දීර්ඝ කාලයක් මම වරින් වර කටයුතු කර තිබෙන නිසා තමුන්නාන්සේලා මේ සදහා පත්වුණු අපහසුතාවයන් මම හොදට දන්නවා. මේ එක ගොවි මහත්මයෙක් සමහර විට පනස් සැරයක් හැට සැරයක් සිය සැරයක් ගිහිල්ලා ඇති කොට්ඨාස කාර්යාලයට. සමහර නිලධාරි මහත්වරුන් හොදට කතා කරලා ඇති. සමහර අය නරකට කතා කරලා ඇති. මහවැලි අධිකාරියේ අපේ නිලධාරීන් ඉතා හොදට වැඩකරනවා වගේම තිබෙන චෝදනාත් මේ ආකාරයටමයි. මේකත් මම නොකියා බැහැ. ඊයේත් මම මේක කිව්වා.

සමහර වෙලාවට මට ලිපි එනවා. බලපත්‍රය හදන්න ෆයිල් එක පෙන්නලා කීයක් හරි ඉල්ලවා සමහර අය. කොළඹ යවන්න කියා කීයක් හරි ඉල්ලනවා. කොළඹින් ගෙන්නන්න කියා කීයක් හරි ඉල්ලනවා. මේ ඔප්පු දීම පිළිබදව ගොවි මහත්වරු මාස ගානක ඉදන් දන්නවා. මට එච් කලාපය ඒ වගේම හුරුළු වැව කලාපය වලවේ මේ ඔප්පු ලබාදීමට දින දුන්න දවසේ සිට මට නිර්ණාමික ලිපි එවනවා, ගොවි මහත්වරුන්ගෙන් ඔප්පුව දෙනවා කියලා මෙච්චර මුදලක් ඉල්ලනවා කියා. හැම කෙනාම නෙවෙයි නමුත් මම මේවා කියන්නට ඕන. දැන් ඒවා හුගාක් අඩුයි. එක ඉඩමට බලපත්‍ර තුන දුන්න නිලධාරීන් ඉන්නවා. සමහර අය දැන් විශ්‍රාම ගිහින්. සමහර අය ජීවතුන් අතරේ නැහැ. මහවැලි කලාපවල කොට්ඨාස කාර්යාලයේ කොට්ඨාස කළමනාකාරතුමාගේ සිට තමන්ගේ වගකීම නිසි ලෙස ඉටු කරනවානම් මේ ගොවි මහත්වරු රස්තියාදු වෙන්න ඕන නැහැ. බැණුම් ඇහන්න ඕන නැහැ. කාටවත් මුදල් දෙන්න ඕනෙත් නැහැ.

අපේ රටේ ඉඩම් පිළිබදව ප්‍රශ්නයේදී ඉඩම් ඔප්පු දීම, බලපත්‍ර දීම, දීමනා දීම, ඉඩම් ගැටලූ නිරවුල් කිරීම ඉඩම් අංශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලද පළාත් ඉඩම් කාර්යාලවලද ඉඩම් කොමසාරිස් අමාත්‍යාංශ මහවැලි මේ සියල්ල ගත්විට ඒ සම්බන්ධයෙන් හොද නමක් නැහැ කියන එක නොකියාම බැහැ. මම ඇත්ත කියන්න ඕන. මහවැලියේ පමණක් නොවේ සියලූ කාර්ය මණ්ඩලවල නිලධාරීන්ගෙන් මම ඉල්ලීමක් කරනවා හොද නමක් හදාගන්න, හොද නමක් ඇති කරගන්න. මේක පිනක් මේ ඉඩමේ අයිතිය පිළිබදව මේ අහිංසක ගොවි ජනතාව තබා තිබෙන බලාපොරොත්තු එය තමාගේ ජීවිතයේ මූලික අවශ්‍යතාවයක්. තමාගේ ප්‍රාර්ථනාවක් මැරෙන්න ඉස්සෙල්ලා ඉඩමේ ඔප්පුව ලබාගැනීම. මම මේ කියන්නේ සෑම නිලධාරීන්ට නෙවෙයි. වැඩි පිරිසක් හොදයි. නමුත් සුලු පිරිසක් කරන වැරදි නිසා සියලූ දෙනා කෙෙරෙහි එක වගේ නරක නාමයක් ඇති වෙනවා. මේ තත්තවය අපි වෙනස් කරගත යුතුයි. මේ තත්ත්වය වෙනස් කරගන්නේ නැතිනම් අපිට ජනතාවගෙන් හොද නමක් එන්නේ නැහැ. මේ ඔප්පුව ලබාදීම තුළින් බොහෝ දෙනෙකුගේ කරදර ඉවර වෙනවා කියා මම හිතනවා.

මේ එච් කලාපය ගත්විට මම කලින් සදහන් කළා වගේ අසූව දශකයේ මුල කොත්මලේ ව්‍යාපාරය සමග කොත්මලේ වික්ටෝරියා ප්‍රදේශවලින් ආපු ජනතාවයි මේ ප්‍රදේශවල සිටින්නේ. මේ ගැටලූ අපි නිරාකරණය කරගත යුතුයි. අපි සෑම කෙනෙක්ම කරන කාර්යය අවංකව ඉටුකිරීම පිළිබදව අපි රටක් විදියට සිතිය යුතුයි. වංචාව, හොරකම, දූෂණය, නාස්තිය ඉහළම තැන සිට පහළට ගලා ගිය යුගයක් මේ රටේ තිබුණා. ඒවා වෙනස් කරන්න ගියාම නොයෙකුත් ප්‍රරශ්න මතුවෙනවා. රටක් විදියට ඒවා වෙනස් කරගෙන යනවා. මේක දවසකින් දෙකකින් කරන්න පුලුවන් වැඩක් නොවේ. දීර්ඝ කාලයක් පුරුදු වූ දේවල් ඉහළ සිට පහළට. සාමාන්‍යයෙන් කතාවක් තිබෙනවා, ජන්මෙට වැඩිය පුරුද්ද ලොකුයි කියා. දේශපාලන වශයෙන් අපි හැමකෙනෙක්ම බලයට එන්නේ වංචාව, දූෂණය නැති කරන්න. නමුත් බලයට ආවට පසු අනිත් අය කරන වැඬේම ඒ එන අයත් කරන්න පටන් ගන්නවා. මේක තමයි මේ රටේ දේශපාලන සංස්කෘතිය ඒ නිසායි ජනතාව අද සෑම කෙනෙකුටම දොස් කියන්නේ. සියලූ දෙනාම එකයි කියන්නේ.

ඒ නිසා යහපත් දේශපාලන සංස්කෘතියක් හදන්න හොද රටක් හදන්න අවංකව වැඩ කරන දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරීන් බිහිකරන්න මෙය පහසු කාර්යයක් නොවූවත් විවේචන, චෝදනා, නින්දා, අපහාස මැද අප සියලූ දෙනා එකතුව සාමූහිකව මේ දේ කළ යුතු වෙනවා. එවිටයි අපිට හොද රටක් ගැන සතුටු වෙන්න පුලුවන්කම තිබෙන්නේ. මේ නියං තත්ත්වය අවසන් වෙලා ලැබෙන වර්ෂාව සමග තමුන්නාන්සේලාගේ ආර්ථිකය වැඩි දියුණු කරන්න රජය විදියට දියහැකි සෑම පහසුකමක්ම ලබා දිය හැකි සුභ සාධන කටයුතු සිල්ලක්ම අපි ඉටු කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. මේ කාර්යය ඉටු කිරීම සදහා සහයෝගය දැක්වූ සියලූ නිලධාරීන්ට මම ස්තූතිවන්ත වෙනවා. මේ ආදරණීය ගොවි ජනතාවටත් ස්තූතිවන්ත වෙනවා වගේම ඔබේ ජීවත තත්ත්වය උසස් කරන්න ආර්ථික වැඩි දියුණු කරන්න රටක් විදියට ගොඩනැගෙන්න ගොවි ආර්ථිකය ශක්තිමත් කරලා ජාතික ආර්ථිකය ශක්තිමත් කරන්න අපි සැලසුම් සහගතව විදිමත්ව මේ ක්‍රීයාත්මක කරන වැඩපිළිවෙළ තුළ සියලූ දෙනාටම සමෘද්ධිමත් රටක යහපත්ව ජීවත්වීමේ උරුමය සහ අයිතිය තහවුරු කරන බව ප්‍රකාශ කරමින් ඔබෙන් සමුගන්නවා. ස්තූතියි. තෙරුවන් සරණයි..!

Loading...

Leave a Reply