02:36 am - Monday 25 September 2017

ඇමති රාජිතගේ දූෂණ අක්‍රමිකතා රැසක් එළියට; ඇමති පට්ටමත් ගැලවෙයිද..? (විශේෂ)

By RSL - Wed Aug 23, 10:05 pm

වත්මන් සෞඛ්‍යය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා යටතේ සෞඛ්‍ය සේවය නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවත්, ඔහු විසින් සිදුකර ඇති දූෂණ-වංචා සහ ඒවා බලය යොදාගනිමින් වසා ඇති අන්දමත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් අද(23) පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කරන අවස්ථාවේදී ඊට අමාත්‍ය රාජිත සේනාරත්නට එය ඉවසා ගත නොහැකිව දිගින් දිගටම සදාචාර විරෝධී ලෙස බාධා පමුණුවනු දක්නට ලැබිණ.

රජයේ රෝහල්වල අවශ්‍ය තරම් ඖෂධ නොමැති බවත්, බෙහෙත් තුණ්ඩු දෙකක් ලබාදී රජයේ රෝහලින් සහ පෞද්ගලික බෙහෙත් ශාලාවලින් බෙහෙත් ගැනීමට යොමුකරන බවත් අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන් අතර රටේ සෞබ්‍ය සේවය කෙතරම් පිරිහී ඇද්දැයි කියනවා නම් ‘සෞඛ්‍ය අමාත්‍යවරයාවත් මෙරටින් ප්‍රතිකාර නොගෙන ප්‍රතිකාර සඳහා යන්නේම සිංගප්පුරුවේ බව’ද පැවසීය.

එසේම එලෙස සිංගප්පුරුවේ ප්‍රතිකාර සඳහා ගිය සෞඛ්‍ය අමාත්‍යවරයා තම ප්‍රතිකාර සඳහා ජනාධිපති අරමුදලින් රුපියල් ලක්ෂ 100ක් ලබාදෙන දුප්පත් ජනතාවට අයත් මහජන මුදල් අපහරණය කර ඇතිබවද ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුනි.

අනුර කුමාර දිසානායක මහතා – ගොවි ජනතාවට අසනීපයක්‌ වුණොත් රෝහල්වල බෙහෙත් නෑ. පිටින් ගන්න ඕනෑ..

සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා – කොහෙද කොහෙද?

අනුර කුමාර දිසානායක මහතා – මොනරාගල

රාජිත සේනාරත්න මහතා – මම පරීක්‍ෂණයක්‌ කරන්නම් රෝහල් අධ්‍යක්‍ෂකවරයාට විරුද්ධව. රෝහල්වල බෙහෙත් තියෙනවා. රසායනාගාර සේවා රෝහල්වල තියෙනවා.

අනුර කුමාර දිසානායක මහතා – රෝහල්වල බෙහෙත් තියෙනවා කියනවා. සියලුම රසායනාගාර සේවා රෝහල්වලින් කරගත හැකියි කියනවා. රටේ සෞඛ්‍ය සේවය යහපත් නම් ඇයි රෝහල් ඉදිරිපිට ෆාමසි තියෙන්නේ. ලේ, මුත්‍රා පරීක්‍ෂා කරන රසායනාගාර සේවා තියෙන්නේ ඇයි? ඉස්‌සර රෝහල් ඉදිරිපිට තිබුණේ මිනීපෙට්‌ටි සාප්පු. ඒ මියයන අයට රෝහලෙන් පෙට්‌ටි නොදෙන නිසා. අද රෝහල්වලින් බෙහෙත් නොදෙන නිසා, ලේ මුත්‍රා පරීක්‍ෂා නොකරන නිසා තමයි ෆාමසි, රසායනාගාර සේවා තියෙන්නේ.

Loading...

මේ අවස්‌ථාවේ සෞඛ්‍ය ඇමැතිවරයා නැගිට නොනවත්වා යමක්‌ ප්‍රකාශ කරයි.

අනුර කුමාර දිසානායක මහතා – රෝහල්වල යහපත් සෞඛ්‍ය සේවයක්‌ තිබෙනවා නම් ඇයි සෞඛ්‍ය ඇමැතිවරයා ජනාධිපති අරමුදලෙන් ලක්‍ෂ සීයක්‌ අරගෙන සිංගප්පූරුවේ එළිසබෙත් රෝහලට ගියේ? මොන හිඟන්නෙක්‌ද මේ. (සභාවේ ඝෝෂා – සෞඛ්‍ය ඇමැතිවරයා යමක්‌ කියයි)

කථානායක – වාඩිවෙන්න

අනුර කුමාර දිසානායක මහතා – මගේ කතාව. ඇයි මම වාඩිවෙන්නේ. එයාට වාඩිවෙන්න කියන්න. ටොමියා ඇයි බුරන්නේ? මෝදර ධීවර වරාය බදු දුන්නා. තක්‌සේරුව ලක්‍ෂ 17 යි. ඒත් එක්‌ලක්‍ෂ විසිපන්දහස ගානේ මාස තුන්සීයකට බදු දුන්නා. පරීක්‍ෂණ අල්ලස්‌ කොමිසම කරද්දී ජනාධිපතිවරයා හමුවෙලා අල්ලස්‌ කොමසාරිස්‌ව මාරුකළා. ආයුර්වේද සංස්‌ථාවට මස්‌සිනා දාලා නෝනා පත්වීම් දෙනවා. පට්‌ට හොරෙක්‌. මොන හිඟන්නෙක්‌ද මේ. ඒවට එන්න එපා හොඳේ. කවුද මෙයා. මගෙන් මොකවත් අහගන්න එපා. ආණ්‌ඩුවත් එක්‌ක බිස්‌නස්‌ කරලා මන්ත්‍රීකම නැති වුණා. රනිල් වික්‍රමසිංහට දණ ගහලා වඳින්න ඕනේ.. මන්ත්‍රීකම ජාතික ලැයිස්‌තුවෙන් දුන්නට. බිස්‌නස්‌ කරලා මන්ත්‍රීකම නැති වුණ එකම පුද්ගලයා. එයාව වාඩිකරවන්න. මට කතාකරන්න කාලය ඕනේ.

සෞඛ්‍ය සේවය බිඳ වැටිලා. මේ නියඟය නිසා ගමේ මිනිහෙක්‌ අසනීප වුණොත් බෙහෙත් ගන්නවත් ආර්ථික ශක්‌තියක්‌ නෑ. ගොවි ජනතාව වකුගඩු රෝගයෙන් පෙළෙනවා. ජනාධිපති අරමුදලෙන් දෙන්නේ එක්‌ලක්‍ෂ හැත්තෑපන් දාහයි. ඒකටත් ග්‍රාම සේවකගේ, ප්‍රාදේශීය ලේකම්ගේ සහතිකය ඕනේ. ඒත් රටේ සෞඛ්‍ය ඇමැතිට ජනාධිපති අරමුදලෙන් ලක්‍ෂ සීයක්‌ දෙනවා. මොන හිඟන්නෙක්‌ද ඒ සෞඛ්‍ය ඇමැති. මේ නියඟය සමඟ ගොවි ජනතාවට සෞඛ්‍ය දීමනාවක්‌ ලබාදිය යුතුයි.

(යළි සෞඛ්‍ය ඇමැතිවරයා යමක්‌ කියයි.)

දිසානායක මහතා – බුරන්න එපා.. එතුමා කෝප වෙලා… ටොමියා ඇවිස්‌සිලා…

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සෞඛ්‍යය අමාත්‍යවරයා විසින් සිදුකර ඇති දූෂණ, අක්‍රමිකතා පිළිබඳව හෙළිදරව් කළ ජ.වි.පෙ. නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා,

Loading...

Leave a Reply