07:47 pm - Saturday 18 November 2017

ගොඩහේවා ගෝඨාගේ කළු සල්ලි ගොඩ දමමින් ‘එළිය’ පෙන්වයි

By RSL - Thu Sep 07, 10:11 am

පුරා දශකයකට ආසන්න කාලයක් පැවති ඒකාධිපති රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක අංශ ප්‍රධානියාව කටයුතු කළ කුප්‍රකට මිනීමරුවකු වන නන්දසේන ගෝඨාභය රාජපක්ෂ නොහොත් ‘ගෝඨා’ එසමයේ රැස්කළ කළු සල්ලි සුදු කරමින් තම රෙජීමය වෙනුවෙන් වූ තවත් ව්‍යාපෘතියක් ඊයේ(06) ‘එළිය’ නමින් ඇරඹීය.

මීට පෙර ගෝඨාගේ 2020 සිහිනය වෙනුවෙන් ‘වියත් මඟ’ නමින් තමන් නොදන්න දේශපාලනය වෘත්තිකයින්ට කියාදීමේ ව්‍යාපෘතියක් අරඹන ලදී. යළි මිනීමරු ගෝඨාගේ එකළ මිනීමැරුම් නඩු යළි කරළියට පැමිණෙමින් තිබෙන මොහොතක නව ප්‍රවේශයක් ලබා ගනිමින් සමාජගත වීම සඳහා ‘එළිය’ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනු ඇත.

Loading...

ගෝඨාගේ මහා පරිමාණයෙන් ක්‍රියාත්මක මෙම දේශපාලන ව්‍යපෘති සඳහා ඔහු සතු කළු සල්ලි සුදු කරමින් එළියට පැමිණීමේ මෙහෙයුම පිටුපස ඔහුගේ කුප්‍රකට සහචරයෙකු වන නාලක ගොඩහේවා සිටින බවට අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.

රාජපක්ෂ රෙජීමයේ කුප්‍රකට චරිතයක් වන මිනීමැරුම් රාශියකට වගකිය යුතු බව සඳහන් ගෝඨාට එරෙහිව වත්මන් යහපාලන රජය තවමත් නිසි පරිදි නීතිය ක්‍රියාත්මක නොකිරීම තුළ දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් ප්‍රශ්නකාරී තත්වයක් උද්ගත වෙමින් පවතින බවත් වාර්තාවේ.

Loading...

Leave a Reply